ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සමූහය රැස්කොට කියනුයේ: නුඹලා විසින් කරන පිණිස ස්වාමීන්වහන්සේ අණ කළාවූ කාරණා මේවාය:
නුඹලා අතරෙහි ප්‍රඥා සිත් ඇති සියල්ලෝ අවුත් ස්වාමීන්වහන්සේ අණකළ සියලු දේ සාදත්වා;
මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියනුයේ: බලන්න, ස්වාමීන්වහන්සේ යූදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා
බෙශලෙල් සහ ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල ලෙස ශුද්ධස්ථානයේ මෙහෙයේ සියලු ආකාර කර්මාන්ත කරන හැටි දැන ගන්නා පිණිස ස්වාමීන්වහන්සේ විසින් ප්‍රඥාවත් බුද්ධියත් දෙනලද්දාවූ නැණවත් සිත් ඇති සියල්ලන්ද වැඩකරනවා ඇතැයි කීවේය.
යූදා ගෝත්‍රයෙන් හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල සෑදුවේය.
ඔවුන්ගේ භාරය නම් පෙට්ටියද මේසයද පහන්රුකද පූජාසනද ශුද්ධස්ථානයෙහි සේවයට ගන්නා භාජනද කඩතුරාවද ඊට අයිති සියලු වැඩද බලාගැනීමය.