නුඹලා අන්‍ය සුවඳ ද්‍රව්‍යයක්වත් දවන පූජාවක්වත් ආහාර පූජාවක්වත් ඒක පිට ඔප්පු නොකරන්න; පාන පූජාවක්ද ඒක පිට වත් නොකරන්න.
ආරොන් අවුරුද්දට වරක් එහි අං පිට සමඟිකමක් කරන්නේය. ඔහු නුඹලාගේ පරම්පරාවල අවුරුද්දට වරක් සමඟිකමේ පාප පූජාවේ ලෙයින් ඒක උදෙසා සමඟිකමක් කරන්නේය. ඒක ස්වාමීන්වහන්සේට අති ශුද්ධයයි කීසේක.
ආරොන් සවස පහන් දල්වන කල්හි ඒවා දැවිය යුතුය, ඒක නුඹලාගේ පරම්පරාවල ස්වාමීන්වහන්සේ ඉදිරියේ නිතර පැවැත්විය යුතුවූ සුවඳ පූජාවක්ය.
ආරොන්ගේ පුත්‍රයෝවූ නාදාබ් සහ අබිහු තම තමාගේ ධූම භාජනය රැගෙන එහි ගිනි බහා ඒ පිට සුවඳ ද්‍රව්‍ය දමා ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණනොකළාවූ අන්‍ය ගින්නක් උන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.