Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 30:3

Sinhala Revised Old Version

ඒකේ මුදුනද වටකරින් ඒකේ පැතිද ඒකේ අංද පවිත්‍ර රනින් වසන්න; ඒක වටේට රන් ලීස්තරයකුත් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, එහි උසත් විසි රියනක්ය; ඔහු එය අනර්ඝ රනින් වැසුවේය. පූජාසනය ඔහු කිහිරි ලීවලින් වැසුවේය.

මුළු ගෘහය වසා තීන්දුවනතෙක් ඔහු ඒක මුළුල්ලම රනින් වැසුවේය. දිව්‍ය-වාක්‍යස්ථානයට අයිති පූජාසනය මුළුල්ලත් රනින් වැසුවේය.

සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු එනම් රන් පූජාසනයද පිදීමේ රොටි තැබීමට රන් මේසයද,

නුඹ එය පවිත්‍ර රනින් වැසිය යුතුය, ඇතුළත් පිටත් එසේ වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සෑදිය යුතුය.

ඒක පවිත්‍ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සාදන්න.

එහි දිග රියනක්ද එහි පළල රියනක්ද විය යුතුය; ඒක සතරැස් විය යුතුය. එහි උස දෙරියනක් විය යුතුය. එහි අං ඒ එක්කම තිබිය යුතුය.

ඒකේ ලීස්තරයට යටින් ඒකේ රිටි දෙක පිට රන් වළලු දෙකක්ද සාදන්න, දෙපැත්තෙහි ඒවා සාදන්න; ඒවා ඒක ඉසිලීමට පොලු දැමීම පිණිස වන්නේය.

තවත් දේවදූතයෙක් රන් දුම් භාජනයක් රැගෙන ඇවිත් පූජාසනය ඉදිරිපිට සිටියේය; සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු ශුද්ධවන්තයන්ගේ යාච්ඤා සමඟ ඔප්පුකරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙනලද්දේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්