Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 30:28

Sinhala Revised Old Version

දවන පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජනය සහ එහි අඩියද ආලේපකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

තවද සේදීම පිණිස පිත්තල භාජන දශයක් ඔහු සෑදුවේය. එක එක භාජනයේ බාත් සතළිසක් ඇල්ලුවේය. එක එක භාජනය රියන් හතරක් පළලය. අඩි දසයෙන් එක එක අඩිය පිට භාජනයත් තිබුණේය.

නුඹ සමඟිකිරීම පිණිස පාප පූජාවේ ගොනා හැමදාම පූජාකළ යුතුය. පූජාසනය උදෙසා සමඟිකමක් කරන විට ඒක පවිත්‍ර කරන්න; ඒක විශුද්ධකරන පිණිස ඒක ආලේප කරන්න.

සත් දවසක් පූජාසනය උදෙසා සමඟිකිරීමේ පූජාව ඔප්පුකොට ඒක විශුද්ධකරන්න. මෙසේ පූජාසනය අති ශුද්ධ වන්නේය; පූජාසනයට ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධ වන්නේය.

සේදීම පිණිස පිත්තලෙන් භාජනයක්ද පිත්තලෙන් එහි අඩියද සාදන්න. එය සම්මුඛවීමේ කූඩාරමටත් පූජාසනයටත් අතරෙහි තබා එහි වතුර වත්කරන්න.

මේසය සහ එහි සියලු භාජනද පහන්රුක සහ එහි සියලු භාජනද දුම් පූජාසනයද,

ඒවා අති ශුද්ධව තිබෙන පිණිස එසේ විශුද්ධකරන්න. ඒවාට තැවරෙන කොයි දෙයක් නමුත් කැපව තිබේවා.

එළිය දීමට තෙල්ද ආලේප තෙල්වලටත් සුවඳ දුම්වලටත් සුගන්ධ ද්‍රව්‍යයන්ද,

සෝදන භාජනයද ඒකේ අඩියද ආලේපකොට විශුද්ධකරන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්