මෙසේ ඔව්හු නොනස්නා පිණිස තමන්ගේ අත්ද තමන්ගේ පාදද සෝදා ගනිත්වා. ඒක ඔවුන්ට එනම් ඔහුටද ඔහුගේ වංශයටද ඔවුන්ගේ පරම්පරාවල නිරන්තර පනතක් වන්නේයයි කීසේක.
සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තිබෙන තිරයට පිටතින් සම්මුඛවීමේ කූඩාරමෙහි ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස පටන් උදය දක්වා ඒක පිළියෙළකර තබන්නෝය. ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ පරම්පරාවල පැවැත්විය යුතු නිරන්තර පනතක් වන්නේය.
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වන විට හෝ ශුද්ධ ස්ථානයෙහි සේවය කරන පිණිස පූජාසනයට ළංවන විට හෝ ඔවුන් අපරාධය දරා නොනසින පිණිස ඔවුන් ඒවා ඇඳගන සිටිය යුතුය. මේක ඔහුටද ඔහුට පසුව ඔහුගේ වංශයටද නිරන්තර පනතක් වන්නේය.
ඔවුන් සම්මුඛවීමේ කූඩාරමට යන කල හෝ ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරනලද පූජාවක් දවන පිණිස සේවයකරන්ට පූජාසනය ළඟට එන කල හෝ නොනසින පිණිස වතුරෙන් සෝදාගත යුතුය.
තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: