Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 28:8

Sinhala Revised Old Version

බඳින පිණිස එය පිට තිබෙන්නාවූ රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද යුක්ත වූ විසිතුරු ආකාරයෙන් වියනලද්දාවූ පටිය එහි කර්මාන්තය ලෙස එය හා සම්බන්ධවී තිබිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

එය එකට සම්බන්ධකරන පිණිස උරපටි දෙක ඒකේ දෙකෙළවරේ බඳිනු ලැබිය යුතුය.

නඛමාණික්‍ය දෙකක් ගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් ඒවායේ කැටයම්කරන්න.

ඒ වස්ත්‍ර ගෙන යට ඇඳුමද ඒඵොද් සැට්ටයේ සළුවද ඒඵොද් සැට්ටයද ළය වැස්මද ආරොන්ට අඳවා ඒඵොද් සැට්ටයේ විසිතුරු පටියෙන් ඔහුගේ ඉඟ බඳින්න.

ඒ පිට තිබුණාවූ ඒක බඳින විසිතුරු පටිය ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඒකේ වැඩ වාගේ රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද යුක්තව ඊට සම්බන්ධකොට සෑදුවේය.

ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ ඉඟපටියද විශ්වාසකම උන්වහන්සේගේ බඳපටියද වන්නේය.

ඔහු දික් යට ඇඳුම ඔහුට හඳවා, ඉණපිටිය ඔහුගේ ඉඟටියේ බැඳ, සළුව ඔහුට පළඳවා, ඒඵොද් සැට්ටයද ඔහුට හඳවා, ඒඵොද්හි විසිතුරු ලෙස වියනලද පටිය දමා, එය ඔහුගේ ඉඟටියේ බැන්දේය.

ඉන්නිසා නුඹලාගේ සිත් නමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.

ඒ පහන් රුක් මැද තමන්ගේ පාදය දක්වා වස්ත්‍රයක් පැළඳ රන් පටියකින් ළය බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙක් වැනිවූ කෙනෙක් ද දුටිමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්