ඔවුන්ගේ නග්නකම වසන පිණිස ඔවුන්ට හණ රෙදි කලිසම් සාදන්න; ඒවා ඉඟටිය පටන් කළවය දක්වා විය යුතුය.
නුඹේ නග්නභාවය නොපෙනෙන පිණිස මාගේ පූජාසනයට පඩිවලින් නොනැගෙවයි කීසේක.
සිහින් හණ නූලින් මකුටයද සිහින් හණ නූලින් අලංකාර හිස්වැසුම්ද කටිනලද සිහින් හණ නූලින් හණ කලිසම්ද,
ඔවුන් ඇතුල් මළුවේ දොරටුවලට ඇතුල්වෙන කල හණ වස්ත්‍ර ඇඳ සිටිය යුතුය; ඇතුල් මළුවේ දොරටුවලට ඇතුළතින්ද ගෘහයෙහිද සේවයකරන අතර ඔව්හු ලෝම රෙදි නෑඳ සිටිත්වා.
ඔවුන්ගේ හිස් පට හණ තොප්පිද ඔවුන්ගේ ඉඟටිවල හණ වැසුම්ද තිබේවා; ඩහදිය හටගන්වන දෙයක් පෙරවා නොගනිත්වා.
ඔහු ශුද්ධ හණ යට ඇඳුම ඇඳ, තමාගේ ඇඟේ හණ කලිසම දමාගෙන, හණ පටිය ඉඟටියේ බැඳගන, මකුටය පැලඳ ගන්නේය. ඒවා ශුද්ධ වස්ත්‍ර බැවින් ඔහු තමාගේ ශරීරය වතුරෙන් සෝදාගෙන ඒවා පැලඳගත යුතුය.
එවිට පූජකයා තමාගේ හණ වස්ත්‍රය හැඳ තමාගේ මාංසය පිට හණ කලිසම ලාගෙන පූජාසනය පිට දවන පූජාව දැවූ ගින්නේ අළු රැගෙන පූජාසනය ළඟ දමන්නේය.
නැතිවූ දෙය සම්බවූ කල ඔහු ඒ ගැන අවිශ්වාස ලෙස ක්‍රියාකොට බොරුවට දිවුළොත්, මෙසේ මනුෂ්‍යයෙක් පව්කරමින් මේ දේවලින් යම් කිසිවක් කිරීමෙන්,
නුඹ ධනවත්වන පිණිස ගින්නෙන් පවිත්‍රකරනලද රන්ද, නුඹේ නග්නභාවයේ ලජ්ජාව ප්‍රකාශ නොවන පිණිස හැඳගන්ට සුදු වස්ත්‍රද, නුඹේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ගාගන්ට අඳුන්ද මාගෙන් ලබාගන්ට නුඹට අවවාදකරමි.