Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 28:31

Sinhala Revised Old Version

ඒඵොද් සැට්ටයට අයිති සළුව මුළුල්ලම නිල් පැහැයෙන් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

ළය වැස්ම ඒඵොද් සැට්ටයේ විසිතුරු පටිය පිට තිබෙන පිණිසද ඒක ඒඵොද් සැට්ටයෙන් වෙන් නොවී තිබෙන පිණිසද ඒකේ වළලුවලින් ඒඵොද් සැට්ටයේ වළලු නිල්වන් පටියකින් බඳිත්වා.

ඒකේ මැද ඉස දැමීමට සිදුරක් තිබිය යුතුය. ඒක නොඉරෙන පිණිස සන්නාහයක සිදුර මෙන් ඒ සිදුර වට වියනලද වාටියක් විය යුතුය.

ඔවුන් විසින් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්මක්ද ඒඵොද් සැට්ටයක්ද සළුවක්ද විසිතුරු උතුරු සළුවක්ද මකුටයක්ද ඉඟ පටියක්ද යන මේවාය. නුඹේ සහෝදරවූ ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් ශුද්ධ වස්ත්‍ර සාදත්වා.

ඒ වස්ත්‍ර ගෙන යට ඇඳුමද ඒඵොද් සැට්ටයේ සළුවද ඒඵොද් සැට්ටයද ළය වැස්මද ආරොන්ට අඳවා ඒඵොද් සැට්ටයේ විසිතුරු පටියෙන් ඔහුගේ ඉඟ බඳින්න.

ඔහු දික් යට ඇඳුම ඔහුට හඳවා, ඉණපිටිය ඔහුගේ ඉඟටියේ බැඳ, සළුව ඔහුට පළඳවා, ඒඵොද් සැට්ටයද ඔහුට හඳවා, ඒඵොද්හි විසිතුරු ලෙස වියනලද පටිය දමා, එය ඔහුගේ ඉඟටියේ බැන්දේය.

තවද ඔහුගේ මෑණියෝ ඇගේ පුරුෂයා සමඟ අවුරුදු පූජාව ඔප්පුකරන පිණිස එන කල අවුරුද්දෙන් අවුරුද්ද ඔහුට කුඩා යට ඇඳුමක් සාදාගන ආවාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්