Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 28:28

Sinhala Revised Old Version

ළය වැස්ම ඒඵොද් සැට්ටයේ විසිතුරු පටිය පිට තිබෙන පිණිසද ඒක ඒඵොද් සැට්ටයෙන් වෙන් නොවී තිබෙන පිණිසද ඒකේ වළලුවලින් ඒඵොද් සැට්ටයේ වළලු නිල්වන් පටියකින් බඳිත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.

තවත් රන් වළලු දෙකක් සාදා ඒඵොද් සැට්ටයේ උර පටි දෙක පිට ඉස්සරහ දෙපැත්තේ පහතින් ඒකේ සන්ධිය ළඟ ඒඵොද් සැට්ටයේ විසිතුරු පටියට උඩින් අල්ලන්න.

මෙසේ ආරොන් ශුද්ධ ස්ථානයට ඇතුල්වන කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිරන්තර සිහිකරවීමක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නාම විනිශ්චයේ ළය වැස්මෙහි තමාගේ හෘදය පිට දරාවා.

ඒඵොද් සැට්ටයට අයිති සළුව මුළුල්ලම නිල් පැහැයෙන් සාදන්න.

තවද ඒක නිල් පටියකට අල්ලා මකුටය පිට බඳින්න; ඒක මකුටයේ ඉස්සරහ පැත්තෙහි විය යුතුය.

බඳින පිණිස එය පිට තිබෙන්නාවූ රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද යුක්ත වූ විසිතුරු ආකාරයෙන් වියනලද්දාවූ පටිය එහි කර්මාන්තය ලෙස එය හා සම්බන්ධවී තිබිය යුතුය.

ශුද්ධස්ථානයෙහි මෙහෙකිරීමට සියුම්කොට සාදනලද ඇඳුම්ද පූජකවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍රද පූජක තනතුරෙහි මෙහෙකිරීමට ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද මෝසෙස් ළඟට ගෙනාවෝය.

ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්, ඔවුන්ගේ පරම්පරාවලදී තමුන්ගේ වස්ත්‍ර වාටිවල දාවලු සාදාගන එක එක වාටියේ දාවල්ල පිට නිල් පටියක් අල්ලන හැටියට ඔවුන්ට කියන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්