තවත් රන් වළලු දෙකක් සාදා ළය වැස්මේ කෙළවර දෙකේ ඒකේ වාටිය පිට ඒඵොද් සැට්ටය දෙසට ඇතුල් පැත්තේ ඒවා අල්ලන්න.
ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.
ගොතනලද මාල දෙකේ ඉතිරි දෙකෙළවර කෙවෙනි දෙක පිට බැඳ ඒඵොද් සැට්ටයේ උර පටි පිට ඉදිරිකොට තබන්න.
තවත් රන් වළලු දෙකක් සාදා ඒඵොද් සැට්ටයේ උර පටි දෙක පිට ඉස්සරහ දෙපැත්තේ පහතින් ඒකේ සන්ධිය ළඟ ඒඵොද් සැට්ටයේ විසිතුරු පටියට උඩින් අල්ලන්න.
ෂීලෝහි ස්වාමීන්වහන්සේගේ පූජකයාව සිටි ඒලීගේ පුත්‍රවූ පීනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදරවූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා එහි ඒඵොද් සැට්ටයක් ඇඳගන සිටියේය. යොනාතාන් ගිය බව සෙනඟ නොදැන සිටියෝය.