රනින් ගොතනලද මාල දෙක ළය වැස්මේ දෙකෙළවර තිබෙන වළලු දෙක පිට තබන්න.
කුළුනු මුදුන්පිට තිබුණු පේකඩවලට දැල් වැඩද දම්වැල් මාලා වැඩද තිබුණේය; එක පේකඩයට සතක්ද අනික් පේකඩයට සතක්ද තිබුණේය.
කුළුනු මුදුන් පිට තිබුණ පේකඩ වසන පිණිස එක එක පේකඩයේ දැල් වැඩ පිට වටකරින්ම ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදුවේය.
පවිත්‍ර රනින් මාල දෙකක්ද සාදන්න; ඒවා ගෙතූ කර්මාන්තයෙන් ලනු මෙන් සාදා ගෙතූ මාල කෙවෙනිවලට බඳින්න.
ළය වැස්ම පිට රනින්වළලු දෙකක් සාදා ඒ වළලු දෙක ළය වැස්මේ දෙකෙළවර පිට තබන්න.
ගොතනලද මාල දෙකේ ඉතිරි දෙකෙළවර කෙවෙනි දෙක පිට බැඳ ඒඵොද් සැට්ටයේ උර පටි පිට ඉදිරිකොට තබන්න.