ඒක හතරැස්ව දෙපටක්ව තිබිය යුතුය; ඒකේ දිග වියතක්ද පළල වියතක්ද විය යුතුය.
දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයවූ විනිශ්චයේ ළය වැස්මක් ඒඵොද් සැට්ටයේ වැඩ වාගේ සාදන්න; රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද ඒක සාදන්න.
ඒ පිට මැණික් පේළි සතරක් බඳින්න. පළමුවෙනි පේළිය ලෝහිතංකයක්ද පුෂ්පරාගයක්ද මරකතයක්ද ඇති පේළියක් වන්නේය;
එහි මැණික් පේළි සතරක් බැන්දෝය. පළමුවෙනි පේළියට ලෝහිතංකයක්ද පුෂ්පරාගයක්ද මරකතයක්ද විය.