මළුවේ දිග රියන් සියයක්ය, පළල හැම තැනම පනස් රියනක්ය, උස පස් රියනක්ය, තිර කටිනලද සිහින් හණ නූල්වලින්ද අඩි පිත්තලින්ද විය යුතුය.
තවද මණ්ඩපය තිර දසයකින් සාදන්න; නිල්වන්වූ රත්නිල්වූ රත්වන්වූ කටිනලද සිහින් හණවලින් දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප ඇතුව ඒවා සාදන්න.
මළුව වටකර සියලු කුළුනු රිදී පටිවලින් බඳිනු ලැබිය යුතුය; ඒවායේ කොකු රිදීයෙන්ද ඒවායේ අඩි පිත්තලින්ද විය යුතුය.
මණ්ඩපයේ සියලු වැඩවලට ගන්නාවූ සියලු ආවුදද ඒකේ සියලු ඇණද මළුවේ සියලු ඇණද පිත්තලෙන් විය යුතුය.