Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 27:16

Sinhala Revised Old Version

මළුවේ දොරටුවට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් මල් වැඩ කළ විසි රියන් කඩතුරාවක් විය යුතුය. ඒකේ කුළුනු සතරක්ද කුළුනුවල අඩි සතරක්ද විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

මල්කම්කළ සළුවෙන් සරසනලද ඈ රජු වෙත පමුණුවනු ලබන්නීය. ඈ අනුව යන්නාවූ ඇගේ යහළු කන්‍යාවෝ ඔබ වෙත පමුණුවනු ලබන්නෝය.

නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් තිරයක් සාදන්න. ඒක දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප සහිතව සෑදිය යුතුය.

කූඩාරමේ දොරටුවට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් මල් වැඩ කළ කඩතුරාවක් සාදන්න.

අනික් පැත්තෙහිද පහළොස් රියන් තිර විය යුතුය. ඒවායේ කුළුනු තුනක්ද කුළුනුවල අඩි තුනක්ද විය යුතුය.

මළුව වටකර සියලු කුළුනු රිදී පටිවලින් බඳිනු ලැබිය යුතුය; ඒවායේ කොකු රිදීයෙන්ද ඒවායේ අඩි පිත්තලින්ද විය යුතුය.

සිහින් හණ නූලින් උතුරු සළුව විසිතුරු කොට වියා සිහින් හණ නූලින් මකුටයක්ද සාදන්න, විසිතුරුකර වියා ඉඟ පටියකුත් සාදන්න.

ඔහු කූඩාරමේ දොරකඩට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූල්වලින් කඩතුරාවක් විසිතුරුකර වියා

නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් ඉඟපටියද විසිතුරුකර වියා සෑදුවෝය.

මණ්ඩපය සහ පූජාසනය ළඟ වටකරින් මළුවේ තිරද මළුවේ දොරකඩ කඩතුරාවද ඒකේ සියලුම වැඩවලට ඕනෑකරන ලනුද බලාගැනීමය.

ඔව්හු කොල්ලය බෙදාගෙන, එකිනෙකාට තරුණියක් එසේය, තරුණියන් දෙන්නෙක්ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක් එසේය, නානා වර්ණ ගෙත්තම් වස්ත්‍රයක්, කොල්ලය ගත් අයගේ කරවල් පිට දෙපැත්තේම නානා වර්ණ ගෙත්තම් කළ වස්ත්‍රයක් නොලැබූදැයි කීවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්