Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 27:10

Sinhala Revised Old Version

ඒකේ කුළුනු විස්සක්ද ඒ කුළුනුවල අඩි විස්සක්ද පිත්තලෙන් විය යුතුය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

උතුරු පැත්ත දිගේ රියන් සියයක් දික්වූ තිරද ඒවායේ කුළුනු විස්සක්ද ඒ කුළුනුවල පිත්තල අඩි විස්සක්ද විය යුතුය; කුළුනුවල කොකු සහ ඒවායේ පටිත් රිදීයෙන් විය යුතුය.

මණ්ඩපයේ මළුවද සාදන්න. දකුණු පැත්තේ දකුණු දෙසට කටිනලද සිහින් හණ නූලින් කළ එක පැත්තට රියන් සියයක් දික්වූ තිර මළුවට විය යුතුය.

ඒකේ කුළුනු පහද ඒවායේ කොකුද සෑදුවේය. ඒවායේ පේකඩද ඒවායේ පටිද රනින් වැසුවේය. ඒවායේ අඩි පහ පිත්තලෙන් විය.

ඒවායේ කුළුනු විස්සක්ය, ඒ කුළුනුවල පිත්තල අඩි විස්සක්ය; කුළුනුවල කොකුද පටිද රිදීයෙන් විය.

වටකරින් මළුවේ අඩිද මළු දොරටුවේ අඩිද මණ්ඩපයේ සියලු ඇණද හාත්පසින් මළුවේ සියලු ඇණද සෑදුවේය.

ඒ කුළුනුවලින් එක එක කුළුනේ උස දහඅට රියනක්ය; ඒ වටේට දොළොස් රියන් පටියක් තිබුණේය; එහි ගනකම අඟල් සතරක්ය. ඒක කුහරව තිබුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්