එකිනෙකට සම්බන්ධවූ එක එක ලෑල්ලට කුඩුම්බි දෙකක් තිබිය යුතුය. මණ්ඩපයේ සියලු ලෑලිවලට එසේ සාදන්න.
ලෑල්ලක දිග දස රියනක්ද එක එක ලෑල්ලේ පළල එක් රියන් හමාරක්ද විය යුතුය.
මණ්ඩපයේ දකුණු දිසාවෙහි දකුණු පැත්තට ලෑලි විස්සක් සාදන්න.
එක ලෑල්ලක කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද අනික් ලෑල්ලේ කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද බැගින් ලෑලි විස්ස යට රිදීයෙන් අඩි සතළිසක් සාදන්න.
එක එක ලෑල්ලට එකිනෙකට සම්බන්ධවූ කුඩිම්බි දෙකක් විය. මණ්ඩපයේ සියලු ලෑලිවලට ඔහු එසේ සෑදුවේය.
ලෑල්ලක කුඩිම්බි දෙකකට අඩි දෙකක් සහ අනික් ලෑල්ලෙහි කුඩිම්බි දෙකකට අඩි දෙකක් බැගින් ලෑලි විස්ස යට රිදී අඩි සතළිසක් සෑදුවේය.