රතු සායම් පෙවූ බැටළු සම්වලින් කූඩාරමට වැස්මක්ද තාහෂ් සම්වලින් උඩ වැස්මක්ද සාදන්න.
මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබනසේක, ස්වකීය මණ්ඩපයෙහි වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සඟවනසේක; උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක.
රතු සායම් පෙවූ බැටළුහම්, තහෂ් හම්, සහ ෂිටිම් ලීද;
කූඩාරමේ තිරවල දිගින් ඉතිරිවන සෙස්සෙන් එක පැත්තකින් රියනක්ද අනික් පැත්තෙන් රියනක්ද මණ්ඩපය වසන පිණිස ඒකේ පැතිවල මතුපිටින් ඒ පැත්තෙන්ද මේ පැත්තෙන්ද එල්ලී තිබේවා.
තවද නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද එළු ලොම්ද රතු සායම් පෙවූ බැටළු සම්ද තහෂ් සම්ද ඇතුව සිටි සියල්ලෝ ඒවා ගෙනාවෝය.
රතු සායම් පෙවූ බැටළු සම්ද තහෂ් සම්ද, ෂිටිම් ලීද,
රතු සායම් පෙවූ බැටළු සමින් කූඩාරමට වැස්මක්ද ඊ පිට තහෂ් සම්වලින් වැස්මක්ද සෑදුවේය.
රතු සායම් පෙවූ බැටළු සම් වැස්ම සහ තහෂ් සම් වැස්මද කඩතුරාවේ තිරයද;
මක්නිසාද ඔබවහන්සේ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටිසේක.
දවාලේදී ග්‍රීෂ්මයෙන් මුවාවීමට සෙවණක් පිණිසත් රක්ෂාස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් සැඟවෙන ස්ථානයක් පිණිසත් කූඩාරමක් වන්නේය.
විසිතුරු වස්ත්‍ර මම නුඹට හඳවා, තහෂ් හම්වලින්වූ වහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් කටිය බැඳ, පටරෙදිවලින් නුඹ වැසුවෙමි.
ඒකද ඒකේ සියලු භාජනද තහෂ් හම් වැස්මක දමා මැස්ස පිට තබත්වා.
ඔව්හු මණ්ඩපයේ තිරද සම්මුඛවීමේ කූඩාරමද ඒකේ වැස්මද එය පිට උඩින් තිබෙන තහෂ් හම් වැස්මද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද,
කඳවුර නික්මෙන කල ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ අවුත් වහන තිරය බාගෙන එයින් සාක්ෂි පෙට්ටිය වසා,