පිත්තල කොකු පනසක් සාදා කොකු පුඩුවල දමා එක කූඩාරමක් වන පිණිස සන්ධිකරන්න.
සන්ධිකරන තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සන්ධිකරන අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සාදන්න.
කූඩාරමේ තිරවලින් වැඩිපුරව තිබෙන කෑල්ල වන ඉතිරි තිර භාගය මණ්ඩපය පිටිපස එල්ලී තිබේවා.
තිර පහක් එකකට එකක් සන්ධිකරනු ලබන්නේය; අනික් තිර පහද එකකට එකක් සන්ධිකරනු ලබන්නේය.
රන් කොකු පනසකුත් සාදා මණ්ඩපය එකක්ව තිබෙන පිණිස කොකුවලින් තිර එකිනෙකට සන්ධිකරන්න.