නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදි සහ එළු ලොම්ද;
ඵාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණ පේරැස් මුද්ද ගළවා යෝසෙප්ගේ අතේ දමා, සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා, ඔහුගේ කරෙහි රන් මාලාවක් ලා,
ඔවුන්ගෙන් නුඹලා විසින් ගත යුතු පඬුර නම්–රන්, රිදී, සහ පිත්තලද;
රතු සායම් පෙවූ බැටළුහම්, තහෂ් හම්, සහ ෂිටිම් ලීද;
ඔව්හු රන්ද, නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද ගනිත්වා.
ඒඵොද් සැට්ටය රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද දක්ෂ කම්කරුවාගේ කර්මාන්තය ලෙස සාදත්වා.
විසිතුරු වස්ත්‍ර මම නුඹට හඳවා, තහෂ් හම්වලින්වූ වහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් කටිය බැඳ, පටරෙදිවලින් නුඹ වැසුවෙමි.
නුඹට කොඩියක් කොට නුඹ විහිදෙවුවේ මිසරයේ විසිතුරු සිහින් රෙදිය; නුඹේ වියන එලීෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදිය.
දීප්තිමත්වූ පවිත්‍රවූ සිහින් වස්ත්‍රයෙන් පැළඳෙන්ට ඈට ලැබුණේය. සිහින් වස්ත්‍ර නම් ශුද්ධවන්තයින්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාය.