මේසය ගෙනයන පිණිස ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වසන්න.
නුඹ එය පවිත්‍ර රනින් වැසිය යුතුය, ඇතුළත් පිටත් එසේ වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සෑදිය යුතුය.
පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල තිබෙන වළලුවල ඒ පොලු දමන්න.
මේසය ගෙනයන පිණිස පොලු තැබීමට ඒ වළලු පටිය ළඟම තිබිය යුතුය.
ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ කෙණ්ඩිද ඒකේ පාත්‍රාද ඒවායින් වත්කරන පිණිස පවිත්‍ර රනින් සාදන්න.
රතු සායම් පෙවූ බැටළුහම්, තහෂ් හම්, සහ ෂිටිම් ලීද;
මණ්ඩපයද බානලද්දේය; එවිට මණ්ඩපය උසුලා ගෙනයන්නෝ වන ගේර්ෂොන්ගේ පුත්‍රයෝද මෙරාරීගේ පුත්‍රයෝද පිටත්ව ගියෝය.
නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය.