මාගේ පූජාවේ ලේ මුහුන් දැමූ රොටි සමඟ පූජා නොකරන්න; මාගේ මංගල්‍යයේ තෙලද පසුවදා උදය වන තුරු රෑ මුළුල්ලේ නොතිබිය යුතුය.
උදය දක්වා එයින් කිසිවක් ඉතුරු නොකරන්න; උදය දක්වා එයින් ඉතුරුවන ඒවා ගින්නෙන් දවන්න.
සත් දවසක් නුඹලා මුහුන් නුමුසු රොටි කෑ යුතුය; ප්‍රථම දවසෙහිම නුඹලාගේ ගෙවලින් මුහුන් බැහැරකළ යුතුය. මක්නිසාද ප්‍රථම දවස පටන් සත්වෙනි දවස දක්වා මුහුන් මුසු රොටි කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් සිඳදමනු ලබන්නේය.
ඔව්හු ගින්නෙන් පුළුස්සනලද ඒ මාංසයද මුහුන් නුමුසු රොටිද ඒ රාත්‍රියේදී කන්නෝය; තික්ත පලා සමඟ ඒවා කන්නෝය.
මෝසෙස්: කිසිකෙනෙක් පසුවදා උදය දක්වා එයින් ඉතුරු නොකෙරේවයි කීය.
කැපකිරීමේ මාංසයෙන් හෝ රොටියෙන් හෝ පසුවදා උදය දක්වා කිසිවක් ඉතිරිවී නම් ඒ ඉතිරි ඒවා ගින්නෙන් දවන්න. ඒවා ශුද්ධ බැවින් නොකෑයුතුය.
නුඹ මාගේ යාගයේ ලේ මුහුන් දැමූ රොටි සමඟ පූජා නොකළ යුතුය; පාස්කු මංගල්‍යයේ යාගයද පසුවදා උදය දක්වා ඉතිරිකර නොතැබිය යුතුය.
නුඹලා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන කිසි ආහාර පූජාවක් මුහුන් මිශ්‍රකොට නොසෑදිය යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් වශයෙන් මුහුන්වත් මීපැණිවත් නොදැවිය යුතුය.
ඒක ස්තුති වශයෙන් ඔප්පුකරන්නේනම්, ස්තුති පූජාව සමඟ තෙල් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපද තෙල් ගෑවාවූ මුහුන් නොදැමූ පෙතිද පෙඟුණු සිහින් පිටිවලින් බදිනලද තෙල් මිශ්‍රවූ පූපද ඔප්පුකළ යුතුය.
ස්තුති දීම පිණිස වූ ඔහුගේ ශාන්ති පූජා යාගයේ මාංසය පිදූ දවසෙහිම කෑ යුතුය; උදය දක්වා එයින් කිසිවක් ඉතුරුනොකළ යුතුය.
සත් දවසක් නුඹේ සියලු සීමා ඇතුළත නුඹ ළඟ මුහුන් නොතිබේවා; නුඹ පළමුවෙනිදා සවස පූජාකරන මාංසවලින් කිසිවක් උදය දක්වා ඉතිරිව නොතිබේවා.