නුඹේ බිම් සාවුරුද්දක් වපුරා එහි අස්වැන්න රැස්කරගන්න.
දේශයේ ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේවත් ශුද්ධ දවසකවත් ඔවුන්ගෙන් මිලේට නොගන්නා හැටියටත්, හත්වෙනි අවුරුද්දේ පල ප්‍රයෝජන සහ සියලු ණයද අත්හරින හැටියටත් ශාපයකින් හා දිවුරුමකින් බැඳුණෝය.
එහෙත් සත්වෙනි අවුරුද්දේ නුඹේ සෙනඟගේ දිළිඳුන් එයින් කන පිණිස ඒක නොවපුරා නිකම් තිබෙන්ට හරින්න. ඔවුන් ඉතිරිකරන දෙය කෙතේ මෘගයෝ කත්වා. නුඹේ මිදිවත්ත සහ ඔලීවවත්ත ගැනත් එසේම කරන්න.
ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට කථාකොට කියනසේක්:
එහි මුළු වර්ධනය නුඹේ ගවයන්ටත් නුඹේ දේශයෙහි සිටින මෘගයන්ටත් ගොදුරු පිණිස වන්නේය.
ඒ ඇර කිරිද මීපැණිද ගලායන දේශයකට නුඹ අප ගෙනාවේවත් කෙත් හා මිදිවතු අපට උරුමකොට දුන්නේවත් නැත. මේ මිනිසුන්ගේ ඇස් උගුලා දමන්ට සිතන්නෙහිද? අපි නොඑමුයයි කීවෝය.