මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් සතෙකු ඉල්ලාගෙන, අයිතිකාරයා ළඟ නැති කල ඒකාට තුවාල වුණොත්, නොහොත් ඌ මළොත්, ඔහු සැබවින්ම අලාභය ගෙවිය යුතුය.
තවත් සමහරෙක්: රජුගේ තීරුව දීමට අපේ බිම්ද මිදිවතුද බැඳ මිල ණයටගතිමු.
දුෂ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි. නුමුත් ධර්මිෂ්ඨයා කරුණාවෙන් ක්‍රියා කරමින් ප්‍රදානයකරයි.
වළ අයිතිකාරයා උගේ අලාභය ගෙවා උන්ගේ අයිතිකාරයාට මිල දිය යුතුය, මළ සතා ඔහුට වන්නේය.
ඔහු තමාගේ අසල්වාසියාගේ දෙයට අත නොතැබූ බවට ඔවුන් දෙදෙනා අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිවිරීමක් වේවා; උගේ අයිතිකාරයා එය පිළිගන්නේය, අනික් අය ඊට අලාභය ගෙවන්ට ඕනෑ නැත.
ඌ ඉරාදමනු ලැබීනම් සාක්ෂි පිණිස ඒකා ගෙනේවා; ඉරනු ලැබුවාට අලාභය ගෙවන්ට ඕනෑ නැත.
උගේ අයිතිකාරයා ළඟ සිටියොත් එලෙස ගෙවන්ට ඕනෑ නැත. ඌ කුලියට ගත් එකෙක් නම් ඌ උගේ කුලියට ආයේය.
මෘගයෙකුට මැරෙන්ට පහර දෙන තැනැත්තා මෘගයා වෙනුවට මෘගයෙකු දී පළි ගෙවිය යුතුය.
නුඹෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න.
නුමුත් නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, යහපත කරන්න, සැක නොසිතා ණයට දෙන්න; එවිට නුඹලාගේ විපාකය මහත්වන්නේය; නුඹලා මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද කෘතෝපකාර නොසලකන්නන්ටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කරුණාවන්තව සිටිනසේක.
මුදාලීමේ පිළිවෙළ මෙසේය: තමාගේ අසල්වාසියාට ණයට දුන් කවුරු නුමුත් ණයට දෙනලද්ද තමාගේ අසල්වාසියාගෙන්වත් සහෝදරයාගෙන්වත් අයනොකර මිදීමක් දෙන්ට ඕනෑය; මක්නිසාද ස්වාමීන්වහන්සේ දෙන මිදීම ප්‍රකාශකරනලද්දේය.