නොහොත් ඒ ගවයා ඉස්සර සිට අනින බව උගේ අයිතිකාරයා දැනගන ඌ ප්‍රවේසම්කර නොතැබුවේ නම් ඔහු විසින් ගවයා වෙනුවට ගවයෙක් දියයුතුය, මළ සතාද ඔහුට වන්නේය.
නුමුත් ගවයා ඉස්සර සිට අනින බව ඌ අයිතිකාරයාට දන්වනු ලැබ තිබියදීත් ඌ ප්‍රවේසම්කර නොතැබීම නිසා ඌ පුරුෂයෙකු හෝ ස්ත්‍රියෙකු හෝ මැරුවොත් ගවයා ගල්ගසා මැරිය යුතුය, උගේ අයිතිකාරයාද මරනු ලැබිය යුතුය.
යම් මනුෂ්‍යයෙකුගේ ගොනෙක් වෙන කෙනෙකුගේ ගොනෙකුට මැරෙන තරම් තුවාල කළොත් ඔව්හු ජීවත්ව සිටින ගවයා විකුණා ඒ මිල බෙදා ගනිත්වා, මළ ගොනාද බෙදාගනිත්වා.
මනුෂ්‍යයෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම්කොට මැරුවොත් නොහොත් වික්කොත් ගවයෙකුට ගවයන් පස්දෙනෙක්ද බැටළුවෙකුට බැටළුවන් සතර දෙනෙක්ද දිය යුතුය.
මෘගයෙකුට මැරෙන්ට පහර දෙන තැනැත්තා මෘගයා වෙනුවට මෘගයෙකු දී පළි ගෙවිය යුතුය.