වළ අයිතිකාරයා උගේ අලාභය ගෙවා උන්ගේ අයිතිකාරයාට මිල දිය යුතුය, මළ සතා ඔහුට වන්නේය.
ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.
මනුෂ්‍යයෙක් වළක වැස්ම හැර තැබූ කල නොහොත් වළක් හාරා ඒක නොවසා තැබූ කල ගවයෙක් හෝ කොටළුවෙක් හෝ එහි වැටුණොත්,
යම් මනුෂ්‍යයෙකුගේ ගොනෙක් වෙන කෙනෙකුගේ ගොනෙකුට මැරෙන තරම් තුවාල කළොත් ඔව්හු ජීවත්ව සිටින ගවයා විකුණා ඒ මිල බෙදා ගනිත්වා, මළ ගොනාද බෙදාගනිත්වා.
මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් සතෙකු ඉල්ලාගෙන, අයිතිකාරයා ළඟ නැති කල ඒකාට තුවාල වුණොත්, නොහොත් ඌ මළොත්, ඔහු සැබවින්ම අලාභය ගෙවිය යුතුය.
නුමුත් ඉර උදාවී තිබේ නම් ඔහු ගැන මිනීමැරීමේ වරද වන්නේය. සොරා විසින් අලාභය ගෙවිය යුතුය; ඔහුට කිසිවක් නැත්නම් සොරකම්කළ දේවල් ගැන ඔහු විකුණනු ලැබිය යුතුය.
ගිනි ඇවිළ කටුගස්වලට අල්ලා එයින් ගොයම් කොළ හෝ නොකැපූ ගොයම් හෝ කෙත හෝ දා ගියොත් ගිනි ඇවුළු තැනැත්තා විසින් සැබවින්ම අලාභය ගෙවිය යුතුය.
නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුළු සම්පත වුවත් දෙන්ට ඕනෑය.
උකස නැවත දී කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අධර්මිෂ්ඨකම් නොකර ජීවන-පනත් ප්‍රකාර හැසුරුණොත්, ඔහු නොනැසී ජීවත්වන්නේමය.