ඔහු පමණක් ආයේ නම් ඔහු පමණක් නිදහස්ව යන්නේය. විවාහවූ අයෙක්නම් ඔහුගේ භාර්යාව ඔහු සමඟ යන්නීය.
නුඹ හෙබ්‍රෙව් වැඩකාරයෙකු මිලේට ගන්නෙහි නම් ඔහු අවුරුදු හයක් වැඩකොට සත්වෙනි අවුරුද්දේ නිකමට නිදහස්ව යන්නේය.
ඔහුගේ ස්වාමියා ඔහුට භාර්යාවක් දුන්නේනම්, ඈ ඔහු නිසා පුත්‍රයන් හෝ දූවරුන් හෝ වැදුවානම්, ඒ ස්ත්‍රියද ඇගේ දරුවෝද ස්වාමියා සන්තකය, ඔහු පමණක් නිදහස්ව යන්නේය.
මනුෂ්‍යයෙක් තමාගේ දුව දාසියෙකුකොට වික්කොත් වැඩකාරයන් නිදහස්ව යන්නාක්මෙන් ඈ නොයන්නීය.
එකල ඔහුද ඔහු හා සමඟ ඔහුගේ දරුවෝද නුඹ වෙතින් ගොස් තමාගේ පෙළපතටත් තමාගේ පියවරුන්ගේ උරුමයටත් නැවත පැමිණෙත්වා.