එවිට ඔහුගේ සහෝදරී ඵාරාවෝගේ දුවට කථාකරමින්: ඔබ උදෙසා දරුවාට කිරිදෙන පිණිස මා ගොස් හෙබ්‍රෙව් ස්ත්‍රීන්ගෙන් කිරිමවක් කැඳවාගන එන්ටදැයි ඇසුවාය.
එවිට ආරොන්ගේ සහෝදරීවූ මිරියාම් ප්‍රොපේත දූ තොමෝ රබානක් අතින් ගත්තීය; සියලු ස්ත්‍රීහු රබන්ද නැටුම්ද ඇතුව ඈ පස්සේ ගියෝය.
ඔහුගේ සහෝදරී ඔහුට කුමක් වන්නේදැයි දැනගන්නා පිණිස දුරින් බලා සිටියාය.
ඒක ඇරිය කල ඕ තොමෝ දරුවා දුටුවාය. බලව, බිලිඳා ඇඬුවේය. ඈ ඔහු කෙරෙහි අනුකම්පාකොට: මොහු හෙබ්‍රෙව්වන්ගේ දරුවෙකැයි කීවාය.
ඵාරාවෝගේ දුවද: යන්නැයි ඈට කීවාය. එවිට තරුණී ගොස් දරුවාගේ මවු කැඳවාගෙන ආවාය.
මෝසෙස් පාවාගත් කුෂ් ස්ත්‍රිය නිසා මිරියාම් සහ ආරොන් ඔහුට විරුද්ධව කථාකළෝය. මක්නිසාද ඔහු කුෂ් ස්ත්‍රියෙක් සරණපාවාගෙන සිටියේය.
අම්රාම්ගේ භාර්යාවගේ නම යොකෙබෙද්ය, ඈ මිසරයේදී ලෙවීට දාව උපන්නාවූ ඔහුගේ දුවක්ය. ඈ අම්රාම් නිසා ආරොන්ද මෝසෙස්ද ඔවුන්ගේ සහෝදරීවූ මිරියාම්ද බිහිකළාය.