මෝසෙස්ද: සෙනඟ සීනයි කන්දට නැගෙන්ට නොහැකිවෙති. මක්නිසාද: කන්ද වටකර සීමා තබා ඒක කැපකරව්ය කියා ඔබ අපට අණකළසේකැයි ස්වාමීන්වහන්සේට කීවේය.
නුඹ සෙනඟට හාත්පසින් සීමා තබා: නුඹලා කන්දට නොනගින හැටියටත් එහි අද්දර ස්පර්ශනොවන හැටියටත් බලාගන්නැයි කියන්න. කන්දේ හැපෙන කවරෙක් නුමුත් සැබවින් මරනු ලබන්නේය.
ස්වාමීන්වහන්සේද: යන්න, පහළ බසින්න; නුඹද නුඹ සමඟ ආරොන්ද නැගී එන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඇවිත් පහරනොදෙන පිණිස පූජකයෝද සෙනඟද උන්වහන්සේ වෙතට නැග එන්ට සීමාව බිඳගන නොයෙත්වයි ඔහුට කීසේක.