Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 19:2

Sinhala Revised Old Version

ඔව්හු රෙඵිඩිම්හි සිට පිටත්ව සීනයි වනාන්තරයට ඇවිත් වනාන්තරයෙහි කූඩාරම් ගසාගත්තෝය; එහි කන්ද ඉදිරිපිට ඉශ්‍රායෙල්වරු කූඩාරම් ගසාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.

එකල අමලෙක්වරු අවුත් රෙඵිඩිම්හිදී ඉශ්‍රායෙල් සමඟ සටන්කළෝය.

මෝසෙස්ගේ මාමාවූ යෙත්‍රෝ මෝසෙස්ගේ පුත්‍රයන් සහ භාර්යාව සමඟ දෙවියන්වහන්සේගේ කන්ද ළඟ වනාන්තරයෙහි කඳවුර බැඳ සිටි මෝසෙස් වෙතට අවුත්:

මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.

උන්වහන්සේද: මම සැබවින් නුඹ සමඟ සිටින්නෙමි; මා විසින් නුඹ යැවූ බවට මේක නුඹට ලකුණක් වන්නේය; එනම් නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා කල්හි නුඹලා මේ කන්දේදී දෙවියන්වහන්සේට නමස්කාර කරන්නහුයයි කීසේක.

ඔවුන් මිසර දේශයෙන් නික්ම ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි කාන්තාරයෙහි සම්මුඛවීමේ කූඩාරමේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට මෙසේ කීසේක:

ඔව්හු රෙපිඩිමෙන් පිටත්ව ගොස් සීනයි කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය.

සතළිස් අවුරුද්දක් සම්පූර්ණවූ කල, දේවදූතයෙක් සීනයි කන්දේ වනයෙහි පඳුරක ගිනි ජාලාවෙක්හි ඔහුට පෙනුණේය.

සීනයි කන්දේදී තමාට කථාකළ දේවදූතයා සමඟද අපගේ පියවරුන් සමඟද කාන්තාරයේ සභාවෙහි සිටියෙත්, අපට දෙන පිණිස ජීවන වාක්‍යයන් ලැබුවෙත් මොහුය.

මේ දේවල උපමාවක් අන්තර්ගතය. මක්නිසාද මේ ස්ත්‍රීහු ගිවිසුම් දෙකක්ය; සීනා පර්වතයෙන් දුන් ගිවිසුම තොමෝ දාසකමට දරුවන් උපදවන්නීය, ඒ හාගර්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්