මෝසෙස් සෙනඟ සම්බන්ධව කරන සියල්ල ඔහුගේ මාමා දැක: නුඹ සෙනඟ ගැන කරන මේ දෙය කිමෙක්ද? නුඹ පමණක් වාඩිවී ඉන්නෙත් මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා නුඹ අවට නැගිට සිටින්නෙත් මක්නිසාදැයි කීය.
තවද අබ්සලොම් අලුයම නැගිට දොරටුවට යන මාර්ගයේ අයිනේ සිට, විනිශ්චය පිණිස රජු වෙතට පැමිණීමට නඩුවක් ඇති එකිනෙකාට අඬගසා: නුඹ මොන නුවරට අයිතිදැයි ඇසීය. ඔහුද: ඔබගේ මෙහෙකරුවා ඉශ්‍රායෙල් ගෝත්‍රයකට අයිතියයි කීවේය.
තවද පසුවදා මෝසෙස් සෙනඟ විනිශ්චය කරන පිණිස හිඳගත්තේය. සෙනඟද උදය පටන් සවස දක්වා ඔහු අවට සිටියාහ.
මෝසෙස්ද: සෙනඟ දෙවියන්වහන්සේගෙන් විභාගකරන පිණිස මා වෙතට එන නිසාය.
ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චයකළෝය. අමාරු කාරණා මෝසෙස් වෙතට ගෙනාවෝය, එහෙත් සියලු සුළු කාරණා ඔව්හුම විනිශ්චයකළෝය.
එවිට, ඔහුට කළ යුතු දේ දන්වා නොතිබුණු බැවින් ඔහු හිර අඩස්සි කළෝය.
තවද මෝසෙස්ගේ මාමණ්ඩිය වන කේනියයාගේ පුත්‍රයෝ යූදා පුත්‍රයන් සමඟ ඉඳිගස් නුවර සිට ඇවිත්, අරාද්ට දකුණෙන් තිබෙන යූදා කාන්තාරයට ගොස්, සෙනඟ සමඟ වාසයකළෝය.