ඔවුන් ඕමෙර යන මිම්මකින් ඒ මැන්න කල බොහෝ රැස්කළ තැනැත්තාට වැඩිව නොතිබුණේය, ටික රැස්කළ තැනැත්තාට අඩුව නොතිබුණේය; එකිනෙකා තම තමා කන ප්‍රමාණයට එකතුකෙළේය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කොට සමහරෙක් වැඩියෙන්ද සමහරෙක් අඩුවෙන්ද රැස්කරගත්තෝය.
නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමයෙන් නුවරවල් දිය යුතු වන්නේ වැඩියේ ඇති අයගෙන් වැඩියේත් ස්වල්පයක් ඇති අයගෙන් ස්වල්පයකුත්ය. එකිනෙකාට ලැබෙන තමාගේ උරුමය ලෙස තම තමාගේ නුවරවලින් ලෙවීවරුන්ට දිය යුතුයයි කීසේක.