Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 16:14

Sinhala Revised Old Version

වැටී තිබුණු ඒ පිනි හිඳුණු කල, බලව, හිම වැනි හීන් කුඩා වටවූ දෙයක් වනාන්තරයේ බිම පිට තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

ඔවුන්ගේ බඩගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට කෑම දුන්සේක, ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔවුන්ට වතුර නික්මෙවුසේක, ඔබ ඔවුන්ට දෙන ලෙස ඔබගේ අත ඔසවා දිවුළ දේශය හිමිකරගැනීමට ඇතුල්වෙන්ට කියාද ඔවුන්ට අණකළසේක.

ඔව්හු ඉල්ලුවෝය, උන්වහන්සේ වටුවන් එවූසේක, ස්වර්ගීය භෝජනයෙන් ඔවුන් තෘප්තියට පැමිණවූසේක.

උන්වහන්සේ බැටළු ලොම් මෙන් හිම වස්වනසේක; අලු මෙන් මිදුණු පිනි විසුරුවනසේක.

කෑම පිණිස මන්නා වස්වමින්, ස්වර්ග ශස්‍යයෙන් ඔවුන්ට දුන්සේක.

ඉශ්‍රායෙල් වංශය ඒවාට මන්නා යන නාමය තැබූහ. ඒවා කොත්තමල්ලි ඇට සමානය, සුදුය; එහි රස මීපැණි මිශ්‍රවූ පූප මෙනි.

උන්වහන්සේ නුඹ යටත්කොට, නුඹ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් නුඹට දන්වාදෙන පිණිස, නුඹ දැනනොගෙන සිටියාවූ නුඹේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් නුඹ පෝෂණයකළසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්