තෝරාගත් රථ හසියයක්ද මිසරයේ සියලු රථද ගත්තේය, ඒවා සියල්ල කෙරෙහි සේනා නායකයන්ද පත්කෙළේය.
රථ සහ අසරුවෝද ඔහු සමඟ ගියෝය. ඒ වනාහි ඉතා මහත් පිරිසක් විය.
සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව.
දෙවියන්වහන්සේගේ රථ විසිදහසක්ය, දහස්වර දහස් ගණන්ය. ස්වාමීන්වහන්සේ සීනයිහි මෙන්, ශුද්ධස්ථානයෙහි, ඒවා මැද වනසේක.
මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අශ්වයෝද ඔහුගේ රථද ඔහුගේ අසරුවෝද ලුහුබඳවා ඔවුන් පස්සේ මුහුද මැදට ගියෝය.
ඔහු තමාගේ රථය සූදානම්කර ගෙන තමාගේ සෙනඟ තමා සමඟ රැගෙන,
ස්වාමීන්වහන්සේ මිසරයේ රජවූ ඵාරාවෝගේ සිත දැඩි කළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් ලුහුබැඳ ආයේය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ධෛර්යවත් ලෙස නික්ම ගියෝය.
ඵාරාවෝගේ රථ සහ ඔහුගේ සේනාව උන්වහන්සේ මුහුදට හෙළූසේක. ඔහුගේ තෝරාගත් සේනාපතියෝ රතු මුහුදෙහි කිඳාගියෝය.
නුඹේ සේවකයන් ලවා නුඹ ස්වාමීන්වහන්සේට අපහාසකරවා කථාකොට–මාගේ රථ රාශිය සමඟ මම කඳුවල මුදුනට එනම් ලෙබනොන්හි ඈත පළාත්වලට නැගුණෙමි; එහි උස්වූ කිහිරි ගස්ද අනර්ඝ දේවදාර ගස්ද කපාදමන්නෙමි. එහි උයන් වතු සහිත වනය වන ඉතා දුරවූ උස් ප්‍රදේශයටත් ඇතුල්වන්නෙමි.
එවිට ස්වාමීන්වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථද ඔහුගේ මුළු සේනාවද බාරාක් ඉදිරියෙහි කඩුමුවහතින් කලඹා විසුරුවා දැමූසේක; සිසෙරා තමාගේ රථයෙන් බැස පයින් පලා ගියේය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. මක්නිසාද ඔහුට යකඩ රථ නවසියයක් තිබුණේය; ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විසි අවුරුද්දක් බලවත් ලෙස පීඩා කෙළේය.