දාවල් වලා ටැඹද රාත්‍රියේ ගිනි ටැඹද සෙනඟ ඉදිරියෙන් පහව නොගියේය.
ඔබ දවල් වලා ටැඹකින්ද ඔවුන් යන මාර්ගයේදී ඔවුන්ට එළිය දෙන පිණිස රෑ ගිනි ටැඹකින්ද ඔවුන් ගෙනගියසේක.
ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔබ ඔවුන් කාන්තාරයෙහි අත් නොහැරියසේක. මාර්ගයේ ඔවුන් ගෙනගිය වලා ටැඹ දවාලේවත්, ඔවුන් යා යුතු මාර්ගයේදී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේවත් ඔවුන් කෙරෙන් පහ නොවීය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්:
ඉශ්‍රායෙල්වරුන්ගේ සමුදාවට පෙරටුව ගිය දෙවියන්වහන්සේගේ දූතයා අහක්ව ඔවුන්ට පස්සෙන් ගියේය; වලාටැඹද ඔවුන් ඉදිරිපිටින් අහක්ව ඔවුන්ට පස්සෙන් සිටියේය.
මක්නිසාද මණ්ඩපය උඩ දවාලේ ස්වාමීන්වහන්සේගේ වලාකුළද රාත්‍රියේ ගින්නද මුළු ඉශ්‍රායෙල් වංශයේ ඇස් ඉදිරියෙහි ඔවුන්ගේ සියලු ගමන්වලදී වූයේය.
ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ මුළු වාසස්ථානයටත් එහි රැස්වීම්වලටත් ඉහළින් දවාලේ වලාකුළක් හා දුමාරයක්ද රාත්‍රියෙහි ඇවිළෙන ගින්නක දීප්තියද මවා තබනසේක. මක්නිසාද මුළු තේජස පිට ඉහළින් වියනක් වන්නේය.
තවද මණ්ඩපය පිහිටෙවු දවසේදී වලාකුළකින් මණ්ඩපය එනම් සාක්ෂි කූඩාරම වැසුණේය. සවස්වූ කල මණ්ඩපය මත්තෙහි ගින්නක් වැනි පෙනීමක් පහන් වෙන තුරු තිබුණේය.
තවත් බලවත් දේවදූතයෙක් වලාකුළක් පැළඳගෙන, තමාගේ හිසේ දේදුන්නක් ඇතුව, ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ මුහුණ ඉර මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය;