Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 13:13

Sinhala Revised Old Version

නුමුත් නුඹ කොටළුවන්ගේ සියලු කුලුඳුලන් බැටළු පැටවෙකු බැගින් දී මුදාගත යුතුය; ඌ මුදන්ට නොකැමැත්තෙහිනම් උගේ බෙල්ල කැඩිය යුතුය. එහෙත් නුඹේ පුත්‍රයන් අතරෙන් සියලු මනුෂ්‍ය කුලුඳුලන් මුදාගත යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

එවිට මෝසෙස් ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් කැඳවා: නුඹලාගේ පවුල්වල හැටියට බැටළු වස්සන් තෝරාගෙන පාස්කු මංගල්‍යය පිණිස මරන්න.

නුඹලා ඉශ්‍රායෙල්ගේ මුළු හමුදාවට කථාකොට: මේ මාසේ දසවෙනි දිනදී ඔවුන්ගේ පියවරුන්ගේ පවුල් වශයෙන් පවුලකට බැටළු පැටවෙකු බැගින් එක එක අය බැටළු පැටවෙකු ගන්නේය.

ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් මට කැපකරව. එය මට අයිතියයි කීසේක.

කුලුඳුල් කොටළුවා වෙනුවට බැටළු වස්සෙකු දී ඌ මුදාගන්න. මුදාගන්ට නොකැමැත්තෙහිනම් නුඹ උගේ බෙල්ල කඩන්ට ඕනෑය. නුඹේ පුත්‍රයන්ගෙන් සියලු කුලුඳුලන් මුදාගන්න. සිස් අතින් කිසිවෙක් මා ඉදිරියෙහි නොපෙනේවා.

ස්ත්‍රීන්ගෙන් කිලුටු නුවූවෝ මොව්හුය; මක්නිසාද මොව්හු බ්‍රහ්මචාරීහුය. බැටළුපැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුවයන්නෝ මොව්හුය. මොව්හු දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්