එක ගෙදරකදීම එය කෑ යුතුය; නුඹ එහි මාංසයෙන් කිසිවක් ගෙයින් පිටත නොගෙනා යුතුය; නුඹලා එයින් කිසි ඇටයක්ද නොකැඩිය යුතුය.
උන්වහන්සේ ඔහුගේ ඇට සියල්ල ආරක්ෂාකරනසේක. එයින් එකක්වත් නොබිඳේ.
නපුර දුෂ්ටයා නසන්නේය. ධර්මිෂ්ඨයාට ද්වේෂකරන්නෝ වරදට පත්කරනු ලබන්නෝය.
ඔව්හු එයින් කිසිවක් උදය දක්වා ඉතුරු කරන්නේවත් උගේ ඇටයක් බිඳින්නේවත් නැතුව පාස්කුවේ මුළු පනත ලෙස එය පවත්වන්නෝය.
නුමුත් ඔව්හු යේසුස්වහන්සේ ළගට ආකල, උන්වහන්සේ මැරී සිටි බව දැක, උන්වහන්සේගේ කෙණ්ඩා නොබින්දෝය.
මක්නිසාද මේ දේවල් සිද්ධවුණේ: උන්වහන්සේගේ ඇටයක්වත් බිඳිණු නොලැබෙන්නේයයි ලියා තිබුණු ලියවිල්ල සම්පූර්ණවන පිණිසය.
මක්නිසාද ශරීරය එකක්ව බොහෝ අවයව ඇතුවාක්මෙන්ද, ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත් එක ශරීරයක්ව තිබෙන්නාක්මෙන්ද, ක්‍රිස්තුස්වහන්සෙත් එසේව සිටිනසේක.