Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 12:37

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස්හි සිට සුකොත්ට ගමන්කළෝය, බාලයන් හැර පයින් ගියාවූ පුරුෂයෝ සලක්ෂයක් පමණ වූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

15 හුවමාරු යොමු  

මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.

උන්වහන්සේ ඔහු පිටතට කැඳවා: අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන් කරන්නැයි කීසේක; නුඹේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක.

එවිට උන්වහන්සේ: මම දෙවියන්වහන්සේය, නුඹේ පියාගේ දෙවියන්වහන්සේය. මිසරයට යන්ට භයනොවව; කුමක්හෙයින්ද මම එහිදී නුඹ මහත් ජාතියක් කරන්නෙමි.

යෝසෙප් ඵාරාවෝ අණකළ ලෙස තමාගේ පියා සහ සහෝදරයන් පදිංචිකරවමින් මිසර දේශයේ ඉතා හොඳ පළාතවූ රමෙසෙස් නම් ප්‍රදේශයෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය.

එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය.

මෝසෙස්ද: අපි අපේ බාලයන් සහ මහල්ලන්ද අපේ පුත්‍රයන් සහ දූවරුන්ද සමඟ යන්නෙමුව, අපි අපේ එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද සමඟ යන්නෙමුව; මක්නිසාද ස්වාමීන්වහන්සේට අප විසින් මංගල්‍යයක් පවත්වන්ට තිබේයයි කීවේය.

ඔව්හු සුකොත් නම් ස්ථානයෙන් ගමන්කර වනාන්තරය අද්දර ඒතාම්හි කඳවුරු බැඳගත්තෝය.

ගණන්කරනු ලැබූවන්ට ඇතුළත් විසි අවුරුදු හා ඉන් ඉහළ වයස්වූ සලක්ෂ තුන්දහස් පන්සිය පනස් දෙනෙක් වූ සියලු පුරුෂයන්ගෙන් එකිනෙකාට බෙකක් එනම් ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් බාගයක් බැගින් ලැබීමෙන් මෙසේ විය.

ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවේ සියලු පුරුෂයන්ගේ මුළු ගණන ඔවුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම ගණන ඇතුව ගන්න;

ගණන්කරනු ලැබූ සියලුම ඉශ්‍රායෙල්වරු සලක්ෂ තුන්දාස් පන්සිය පනස්දෙනෙක්ය.

මෝසෙස් කියනුයේ: මා වෙත සිටින පයින් යන සෙනඟ සලක්ෂයක; එහෙත් මාසයක් මුළුල්ලෙහි ඔවුන්ට මස් කන්ට දෙන්නෙමියි ඔබ කීසේක.

ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනලද්දෝ මොව්හුය. කඳවුරුවල තමුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ හලක්ෂ තුන්දාස් පන්සිය පනසක්ය.

ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ගණන්කරනු ලැබූ ඔව්හු සලක්ෂ එක්දාස් හත්සිය තිස්දෙනෙක්ය.

ඔව්හු පළමුවෙනි මස පසළොස් වෙනි දින රාමෙසෙස්හි සිට පිටත්වුණෝය; එසේ ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාස්කුවට පසුවදා සියලු මිසරවරුන්ගේ ඇස් ඉදිරියෙහි එසෙවුවාවූ අතක් කරණකොටගෙන පිටතට ආවෝය.

ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස් කෙරෙන් පිටත්ව සුකොත්හි කූඩාරම් ගසාගත්තෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්