පළමුවෙනි දවසේ නුඹලාට ශුද්ධවූ රැස්වීමක්ද සත්වෙනි දවසෙහිත් ශුද්ධවූ රැස්වීමක්ද වන්නේය; ඒ දවස්වල කිසි වැඩක් නොකළ යුතුය, එකිනෙකාගේ කෑම පිණිස උවමනා වැඩක් පමණක්ම කළ යුතුය.
ඔහුද: ස්වාමීන්වහන්සේ කී කාරණය මේය, හෙට දවස ගරුමයවූ නිවාඩුවක්ය, ස්වාමීන්වහන්සේට ශුද්ධ සබතක්ය. පුළුස්සන දේ පුළුස්සා ගන්න, තම්බන දේ තම්බා ගන්න; ඉතුරුව තිබෙන සියල්ල පසුවදා උදය දක්වා තිබෙන්ට නුඹලා ළඟ තබාගන්නැයි ඔවුන්ට කීවේය.
බලන්න, ස්වාමීන්වහන්සේ නුඹලාට සබත් දවස දුන්සේක, එබැවින් උන්වහන්සේ සවෙනි දවසේදී දෙදවසක ආහාර නුඹලාට දෙනසේක; එකිනෙකා තම තමාගේ ස්ථානයේ නැවතී සිටිනු මිස සත්වෙනි දවසෙහි තමාගේ ඉඩමෙන් කිසිවෙක් නොයේවයි කීසේක.
තවද සවෙනි දවසේදී ඔවුන් ගෙනෙන දේ සූදානම්කරත්වා, එය ඔවුන් දවස්පතා රැස්කරගන්නා ප්‍රමාණය ලෙස දෙගුණයක් වන්නේයයි කීසේක.
එහෙත් සත්වෙනි දවස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ නුඹවත් නුඹේ පුත්‍රයාවත් නුඹේ දුවවත් නුඹේ වැඩකාරයාවත් නුඹේ වැඩකාරීවත් නුඹේ සිව්පාවෝවත් නුඹේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.
මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන්න. මා නුඹට අණදුන් ලෙස ආබීබ් මාසයේ නියම කාලයෙහි සත් දවසක් මුහුන් නොදැමූ රොටි කන්න. මක්නිසාද ආබීබ් මාසයේදී නුඹ මිසරයෙන් පිටතට ආවෙහිය.
නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය.
එම දවසේම ශුද්ධ සභා රැස්වීමක් ප්‍රසිද්ධකර පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. එය නුඹලාගේ සියලු වාසස්ථානවල නුඹලාගේ පරම්පරාවලට නිරන්තර පනතක්ය.
ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මස දසවෙනි දින සමගිකමක් කිරීමේ දවසය. නුඹලා ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය, නුඹලාගේ ආත්මවලට දුක්දී ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුය.
පළමුවෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පවත්වන්න. කිසිම බර වැඩක් නොකරන්න.
පළමුවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් වන්නේය; කිසි බර වැඩක් නොකරන්න.
සත්වෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; බර වැඩක් නොකරන්න.
තවද නුඹලාගේ සති මංගල්‍යයේදී නුඹලා ස්වාමීන්වහන්සේට අලුත් ආහාර පූජාවක් ඔප්පුකරන ප්‍රථම ඵල දවසේදීත් ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න.
සත්වෙනි මාසයේ පළමුවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න. ඒක නුඹලාට හොරණෑ පිඹීමේ දවසක්ය.
සත්වෙනි මස පසළොස්වෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න, සත් දවසක් ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න.
ඒ දවස සූදානම්වීමේ දවස බැවින්, සබත් දවසේදී ශරීර කුරුසියෙහිම නොතිබෙන පිණිස, ඔවුන්ගේ කෙණ්ඩා බිඳුවා, ඔවුන් පහකරන්ට යුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලුවෝය. මක්නිසාද ඒ සබත් දවස මහත් දවසක්ය.
සදවසක් මුහුන් නොදැමූ රොටි කන්න. සත්වෙනිදා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගරුමය රැස්වීමක් වන්නේය; ඒ දවසේදී කිසි වැඩක් නොකරන්න.