කිසි කලෙකත් නොතිබුණාවූද මතුත් නොවන්නාවූද ආකාර මහත් හැඬීමක් මුළු මිසර දේශයෙහි වන්නේය.
එහෙත් මිසරවරුන් සහ ඉශ්‍රායෙල් අතරෙහි ස්වාමීන්වහන්සේ වෙනසක් කරන බව නුඹලා දැන ගන්නා පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කිසි මනුෂ්‍යයෙකුටවත් මෘගයෙකුටවත් විරුද්ධව බල්ලෙක් පවා උගේ දිව නොසොල්වන්නේයයි කීසේක.
ඵාරාවෝද ඔහුගේ සියලු මෙහෙකරුවෝද සියලු මිසරවරුද රාත්‍රියේ නැගුටුණෝය; මිසරයෙහි මහත් වැලපීමක් විය; මක්නිසාද මළ කෙනෙක් නැති ගෙයක් නොවීය.
තවද ස්වාමීන්වහන්සේ කථාකොට: මිසරයේ වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින්ම දුටිමි, ඔවුන්ගේ විධානවරුන් නිසා ඇති ඔවුන්ගේ මොරගැසීම ඇසීමි; මක්නිසාද ඔවුන්ගේ දුක් දනිමි;
බලව, හෙට මේ වේලාව පමණේදී මිසරය පිහිටෙවු දා පටන් මේ දක්වා නුවූ ආකාර භයානක ගල් වර්ෂාවක් වස්වන්නෙමි.
දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.
මක්නිසාද කෑගැසීම මෝවබ්හි සීමාව වටකරින්ම ගියේය; එහි කෑමොරගැසීම එග්ලයිම් දක්වාද එහි කෑමොරගැසීම බෙයෙර්-එලීම් දක්වාද ගියේය.
ඒ දවසේ මිසරවරු ස්ත්‍රීන් මෙන් වී, සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව සොලවන උන්වහන්සේගේ, අතේ සෙලවීමට භයපත්වී, වෙවුලන්නෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වැලපීමද දුක්ඛිත ඇඬීමද සහිතවූ හඬක් රාමාහි ඇසෙයි, රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා ඇගේ දරුවන් ගැන සැනසෙන්ට අකැමැතිව සිටියි.
එසේය, මා කෑගසා පිහිට ඉල්ලන විට උන්වහන්සේ මාගේ යාච්ඤාව වලක්වනසේක.
සියලු මිදිවතුවලත් වැලපීම වන්නේය. මක්නිසාද නුඹ මැදින් යන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
එම දවසේම මත්ස්‍ය දොරටුවෙන් ඝෝෂාවක්ද දෙවෙනි කොටසෙන් කෑමොරගැසීමක්ද හෙල්වලින් බිඳීම් ගබ්දයක්ද වන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සියලු අනාගතවක්තෘවරුන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි සිටිනවාත් නුඹලාම පිටත දමනු ලබනවාත් නුඹලා දකින කල, එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේය.