Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 10:8

Sinhala Revised Old Version

මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට නැවත ගෙන්වනලද්දෝය. ඔහු: නුඹලා ගොස් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න. එහෙත් යන්නෝ කවුරුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් හණික කැඳවා: මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් නුඹලාටත් විරුද්ධව පව්කෙළෙමි.

එවිට ඵාරාවෝ මෝසෙස්ට හඬගසා: නුඹලා ගොස් ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න; නුඹලාගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද පමණක් නවතීවා. නුඹලාගේ බාලයෝද නුඹලා සමඟ යෙත්වයි කීවේය.

ඔහු රාත්‍රියේදී මෝසෙස්ද ආරොන්ද කැඳවා: නැගිට මාගේ සෙනඟ කෙරෙන් නුඹලාත් ඉශ්‍රායෙල් පුත්‍රයොත් නික්ම ගොස් නුඹලා කී ලෙස ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න.

ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් කැඳවා: නුඹලා ගොස් දේශයෙහිදී නුඹලාගේ දෙවියන්වහන්සේට පූජා ඔප්පුකරන්නැයි කීවේය.

එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් කැඳවා: මා වෙතින්ද මාගේ සෙනඟ වෙතින්ද මැඩියන් පහකරන පිණිස ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්න; එවිට ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට හරින්නෙමියි කීය.

ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්න; මක්නිසාද මේ මහත් අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව ඉතින් ඇත; මම නුඹලා තවත් නවත්වා නොගෙන යන්ට හරින්නෙමියි ඔවුන්ට කීය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්