නුඹේ සියලු බලකොටු ප්‍රථම ඵල ඇති අත්තික්කා ගස් වාගේය. ඒවා සෙලවුවොත් කන්නාගේ කටට වැටෙනවා ඇත.
සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන අලංකාර දීප්තිමත්කම වන පරවෙන මල නියඟ කලට පෙර පළමුවෙන් ඉදෙන අත්තික්කා ගෙඩියක්මෙන් වන්නේය; ඒක දකින අය එය දුටුවාම අතට ගත් කෙණෙහිම ගිලගන්නේය.
එක පෙට්ටියක ප්‍රථමයෙන් ඉදෙන අත්තික්කා වාගේ ඉතා හොඳ අත්තික්කාද අනික් පෙට්ටියෙහි කන්ට බැරිතරම් ඉතා නරක අත්තික්කාද තිබුණේය.
එසේය, ඔව්හු රජුන්ට නින්දා කරති, අධිපතීහුද ඔවුන්ට කවටකමක්ය. ඔව්හු සියලු බලකොටුවලට සිනාසී, පස් ගොඩකර, ඒවා අල්ලාගනිති.
මුළු හඳද ලේ මෙන් විය; අත්තික්කා ගසක් තද සුළඟකින් සෙලවී එහි අකාල ඵල වැටෙන්නාක්මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුණේය.