ගංගාවල දොරටු අරිනු ලැබ, මාළිගාව දියවී තිබේ.
ඔහු තමාගේ උත්තමයන් සිහිකරයි. ඔව්හු යනකොට පැකිලෙමින් එහි පවුරට ඉක්මනින් යති, මුවාවද පිළියෙළකරනු ලබන්නේය.
හුශබ් නිර්වස්ත්‍රව ගෙනයනු ලබන්නීය, ඇගේ මෙහෙකාරියෝද තමුන්ගේ ළයට ගසාගනිමින්, පරෙවියන්ගේ හඬින් මෙන් සුසුම්ලති.
නුඹ තුළ සිටින නුඹේ සෙනඟ ගැහැනුය; නුඹේ දේශයේ දොරවල් නුඹේ සතුරන්ට සම්පූර්ණයෙන් ඇරලා තිබේ. නුඹේ අගුල් ගින්නෙන් දාලාගියේය.