කඳු උන්වහන්සේට භයින් වෙවුලති, හෙල්ද දියවෙති; උන්වහන්සේ ඉදිරියෙහි පොළොවද ලෝකය සහ එහි වාසයකරන සියල්ලෝද කම්පාවෙති.
එවිට පොළොව සෙලවී කම්පාවිය, අහසේ අත්තිවාරම්ද වෙවුලා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස් වූසේක.
උන්වහන්සේගේ තරවටුවට අහසේ කණු වෙවුලා ත්‍රස්තවෙති.
උන්වහන්සේ හදිසියෙන්ම කඳු පහකර, තමන්ගේ උදහසින් ඒවා පෙරළා දමනසේක.
උන්වහන්සේ පොළොව දෙස බලන කල එය කම්පාවේ; උන්වහන්සේ කඳු ස්පර්ශකරන කල එයින් දුම් නගියි.
කඳු බැටළුවන් මෙන්ද කුඩා හෙල් බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළියෝය.
එම්බා කඳු, නුඹලා බැටළුවන් මෙන්ද කුඩා හෙල්, නුඹලා බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළින්ගේ නුඹලාට කුමක් වෙලාද?
එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක.
උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය, උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවිළගත්තේය.
ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය.
පොළොව කම්පාවූවාය, දෙවියන්වහන්සේ අභිමුඛයෙහි අහස් තලයද පොද හෙළීය. සීනයි පවා දෙවියන්වහන්සේ, එනම් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ, අභිමුඛයෙහි වෙවුලීය.
මුහුදද එහි ඇති සියල්ලද ගර්ජනාකෙරෙත්වා; ලෝකයද එහි වැසියෝද ගර්ජනාකෙරෙත්වා.
ස්වාමීන්වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උදුනක ධූමයමෙන් නැගුණේය, මුළු කන්ද බොහෝසෙයින් කම්පාවිය.
බලව, ස්වාමීන්වහන්සේ පොළොව හිස්කොට පාළුකරනසේක, ඒක පෙරළා එහි වැසියන් විසුරුවාදමනසේක.
පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින් තොටිල්ලක් මෙන් ඔබ මොබ සෙලවෙනවා ඇත; එහි අපරාධය එය කෙරෙහි බරව තිබෙන බැවින් ඒක වැටී තවත් නොනැගිටින්නේය.
එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.
කඳු දෙස බැලූ විට ඒවා සෙලවෙන බවත් සියලු හෙල් වැනෙන බවත් දුටිමි.
මුහුදේ මත්ස්‍යයෝද ආකාශයේ පක්ෂීහුද වනයේ මෘගයෝද භූමියෙහි බඩගායන සියලුම සත්වයෝද භූමිය මතුපිට සිටින සියලු මනුෂ්‍යයෝද මා ඉදිරියෙහි වෙවුලන්නෝය, කඳු හෙළාදමනු ලබන්ටත් උස්තැන් වැටෙන්ටත් සියලු පවුරු බිම වැටෙන්ටත් යෙදෙනවා ඇත.
උන් ඉදිරියෙහි පොළොව වෙවුලන්නේය; අහස සෙලවෙන්නේය. ඉර හඳ අඳුරුවන්නේය, තාරකාවල දිලිහීමද නවතින්නේය.
මක්නිසාද පොළොව දියවෙන හැටියටත් එහි සියලු වැසියන් වැලපෙන හැටියටත් එය ගංගාව මෙන් මුළුමනින්ම ගලා මිසරයේ ගංගාව මෙන් බැසයන හැටියටත් ඊට අතගසන්නේ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.
උන්වහන්සේ යට කඳු දියවන්නේය, ගින්න ඉදිරියෙහි ඉටි මෙන්ද පල්ලමක වගුරුවන වතුර මෙන්ද මිටියාවත් පැළෙන්නේය.
කඳු ඔබ දැක භයවූය; ජලධාරාව වැගුරුණේය. ගැඹුර සිය හඬ පවත්වා, සිය අත් ඉහළ එසවිය.
එම්බා මහත් කන්ද, නුඹ කවුද? සෙරුබ්බාබෙල් ඉදිරියෙහි නුඹ සමභූමියක් වන්නෙහිය. ඔහුද: ඊට කරුණාව ලැබේවා, කරුණාව ලැබේවයි මොරගසමින් ප්‍රධාන ගල පිටතට ගෙනෙනවා ඇතැයි කීය.
මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම්කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය;
එවිට මහත් පොළෝකම්පාවක් විය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස ඇවිත්, ගල අහකට පෙරළා, ඒ පිට ඉඳගත්තේය.
තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය.
අකුලනලද පොතක් මෙන් අහස පහකරනලද්දේය; සියලු කඳුද දිවයින්ද ස්වකීය ස්ථානවලින් පහකරන ලද්දේය.
කඳු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද අර සීනයි කන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද දියව ගියේය.