තවද දුෂ්ටයන් තැන්පත්කරනු ලබන බවද ඔවුන් මිනීවළට පැමිණෙන බවද යුක්තිය ඉෂ්ටකළ අය ශුද්ධස්ථානයෙන් ඉවත්ව ගොස් නුවරෙහි මතක නැතිකරනු ලබන බවද දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ය.
ඔවුන් සුළඟට ගහගනයන ඉපනැල්ල මෙන්ද සුළඟට අසුවීයන බොල් මෙන්ද වෙන්නෙත් කොපමණ වාරවලද?
සිතින් තොරවූ මළ තැනැත්තෙකු මෙන් මතක් නොවී සිටිමි. බිඳුණු භාජනයක් මෙන් වෙමි.
ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය.
පළමු සිටි අය ගැන සිහිවීමක් නැත; මතු පැමිණෙන පරම්පරා ගැනද ඉන් පසුව එන්නන් අතරේ සිහිවීමක් නොවන්නේය.
මක්නිසාද පැමිණෙන්ට තිබෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින්ම මතකනැතිවී යන බැවින්, අඥානයා ගැන මෙන්ම ප්‍රඥාවන්තයා ගැනත් සිහිවීමක් නැත්තේය. අහෝ අඥානයාමෙන් ප්‍රඥාවන්තයාත් නසින හැටි!
එහි දිළිඳුවූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු තමාගේ ප්‍රඥාවෙන් ඒ නුවර ගැළෙවුවේය. එහෙත් කිසිවෙක් ඒ දිළිඳු මනුෂ්‍යයා සිහිකළේ නැත.
මක්නිසාද ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය.
අහෝ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුවවූ ස්වාමීන්වහන්ස, ඔබව අත්හරින සියල්ලෝම ලජ්ජාවට පත්වන්නෝය; මාගෙන් අහක්වයන්නෝ ජීවමාන වතුර උල්පත වන ස්වාමීන්වහන්සේ අත්හැරිය බැවින්, ඔවුන් ගැන පොළොව පිට ලියනු ලැබේ.
තවද හිඟන්නා නැසී, දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ළැපැත්තට ගෙනයනලද්දේය. ධනවතාත් නැසී, තැන්පත්කරනලද්දේය.
මේ මනුෂ්‍යයා මේ ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධව කථාකිරීම නොනවත්වයි.
ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.