මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කෙළෙමි. මම ප්‍රඥාවන්තවන්නෙමියි කීමි; නුමුත් එය මාගෙන් දුරව තිබුණේය.
මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේකැයි ස්ත්‍රීට කීය.
මෙසේ ප්‍රඥාව දැනගන්ටත් මෝහය හා අඥානකම දැනගන්ටත් මාගේ සිත යොමුකෙළෙමි. එවිට මේකත් හිස්වූ උත්සාහයක් බව දැනගතිමි.
උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.
මක්නිසාද නුඹත් නොයෙක් වර අනුන්ට දෙස් කිවු බව නුඹේ සිත දන්නේය.
එවිට මම දෙවියන්වහන්සේගේ මුළු වැඩය වන ඉර යට කෙරෙන වැඩය මනුෂ්‍යයාට තේරුම්ගන්ට බැරි බව දුටිමි. මක්නිසාද මනුෂ්‍යයා ඒක සොයා දැනගන්ට කොපමණ උත්සාහකළත් ඒක තේරුම්ගන්ට පුළුවන්වෙන්නේ නැත; ප්‍රඥාවන්තයා ඒක දැනගන්ට සිතන නුමුත් ඔහුට පවා තේරුම්ගන්ට බැරිවන්නේය.
තුමූම ප්‍රඥාවන්තයෝයයි කියමින් ඔව්හු අඥානයෝව,
ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේ විසින් මෝඩකළා නොවේද?