දැනමුතුකම් ලබන්ට නොදන්නාවූ අඥාන මහලු රජෙකුට වඩා දුප්පත් ප්‍රඥාවන්ත යෞවනයෙක් හොඳය.
යාකොබ්ගේ පරම්පරාවල් මේය. දහහත් අවුරුදු වයස්වූ යෝසෙප් තමාගේ සහෝදරයන් සමඟ බැටළු රැළ පෝෂණය කරමින් සිටියේය; ඔහු වනාහි තම පියාගේ භාර්යාවන්වූ බිල්හාගේද ශිල්පාගේද පුත්‍රයන් සමඟ සිටි තරුණයෙකි. යෝසෙප් ඇවිත් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන ඔවුන්ගේ පියාට දැන්නුවේය.
ඉශ්‍රායෙල් රජද: ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත්‍රවූ මීකායානම් තව එක්කෙනෙක් සිටියි. එහෙත් ඔහු මා ගැන අනාගත වචනයෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛරවෙමියි යෙහෝෂාපාට්ට කීවේය. යෙහෝෂාපාට්ද: රජ්ජුරුවෝ එසේ නොකියත්වයි කීවේය.
මෙසේ ඔහු රජු සමඟ කථාකරද්දී අමශියා ඔහුට කථාකොට: නුඹ රජුගේ මන්ත්‍රියෙකු කොට පත්කෙළෙමුද? නිකම් සිටින්න; නුඹ මරනු ලබන්නේ කුමටදැයි කීවේය. එවිට ප්‍රොපේත තෙම නැවතී: නුඹ මාගේ දැනමිතිකම නොඅසා මේක කළ බැවින් දෙවියන්වහන්සේ නුඹ විනාශකරන්ට නියමකරගත් බව මට පෙනේයයි කීවේය.
වංචාකාර තොල් ඇති අඥානයෙකුට වඩා තමාගේ අවංකකමෙන් හැසිරෙන දිළින්දා උතුම්ය.
වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙකුට වඩා තමාගේ ඇදනැතිකමින් හැසිරෙන දිළින්දා හොඳය.
යමෙක් තනි කෙනෙකු පරදවන නුමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුළුවන්වෙයි; තුන්පට ලනුවක් ඉක්මනින් නොකැඩෙන්නේය.
ප්‍රඥාව වනාහි නුවරක වසන අධිපතීන් දස දෙනෙකුට වඩා ඥානවන්තයාට ශක්තියක්ය.