මම වතුද උයන්ද සාදා, සියලු ආකාර ඵලදෙන ගස් ඒවායෙහි සිටවාගතිමි.
ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචිවෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරවූ ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවයි රජුට කීමි. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජතෙම එසේම මට දුන්නේය.
මාගේ සහෝදරී, මාගේ මනමාලී, වැටකින් වටකළ උයනක්ය, වසා තිබෙන ළිඳක්ය, මුද්‍රාකර තිබෙන උල්පතක්ය.
නුඹේ පැලෑටි පංක්තිය වනාහි දෙළුම් ගසුත් අනර්ඝ ඵල ගසුත් සපු සහ ජටාමාංසත්
එම්බා, උතුරු හුළඟ, පිබිදෙන්න; දකුණු හුළඟ, එන්න; මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට හමාඑන්න. මාගේ ප්‍රේමවන්තයා තමාගේ උයනට ඇවිත් තමාගේ අනර්ඝ ඵල කෑවාවේ.
මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.
මාගේ ප්‍රේමවන්තයා උයන්වල රැළ කවන පිණිසත් මහනෙල් නෙලාගන්න පිණිසත් තමාගේ උයනෙහි සුවඳ ගස් පාත්තිවලට ගියේය.
තවද යූදාහි රජවූ ශෙදෙකියාද සියලු යුද්ධකාරයෝද ඔවුන් දුටු විට, පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රජ උයනේ පාරෙන් නුවරින් රාත්‍රියේ පිටත්ව පලාගියෝය. රජද අරබා සමභූමියේ මාර්ගයෙන් නික්ම ගියේය.