Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



දේශනාකාරයා 2:13

Sinhala Revised Old Version

එවිට අන්ධකාරයට වඩා එළිය උතුම්ව තිබෙන ලෙසම අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දුටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

17 හුවමාරු යොමු  

ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.

ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.

බුද්ධිමත් අයගේ ප්‍රඥාව නම් තමාගේ මාර්ගය තේරුම්ගැනීමය; එහෙත් අඥානයන්ගේ මෝඩකම වංචාවය.

ප්‍රඥාව ලබාගැනීම රන්වලට වඩා කොපමණ හොඳද! එසේය, නුවණ ලබාගැනීම රිදීවලටත් වඩා අනර්ඝය.

යකඩ මොට්ටවූ විට මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදන්ට ඕනෑය. ප්‍රඥාව වනාහි සඵලය දෙන වාසි ඇති දෙයකි.

සැබවින් එළිය මිහිරිය, ඉර දැකීම ඇස් වලට ප්‍රසන්න දෙයක්ය.

ප්‍රඥාව වනාහි නුවරක වසන අධිපතීන් දස දෙනෙකුට වඩා ඥානවන්තයාට ශක්තියක්ය.

එවිට මම: බලවන්තකමට වඩා ප්‍රඥාව හොඳයයි කීවෙමි. එහෙත් දිළින්දාගේ ප්‍රඥාව සුළුකරනු ලැබේ, ඔහුගේ වචනද අසනු නොලැබේ.

යුද්ධායුධවලට වඩා ප්‍රඥාව වටනේය. නුමුත් එක පව්කාරයෙක් හොඳ බොහෝ කාරණා නැතිකරයි.

එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.

නුඹේ ඇස නපුරුනම්, නුඹේ මුළු ශරීරය අඳුරු වන්නේය. එබැවින් නුඹ තුළ තිබෙන එළිය අඳුරුනම් ඒ අඳුර කොපමණ මහත්ද!

මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටිය නුමුත්, දැන් ස්වාමීන්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්