Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



දේශනාකාරයා 12:5

Sinhala Revised Old Version

ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

19 හුවමාරු යොමු  

නුමුත් ඔහු: මාගේ පුත්‍රයා නුඹලා සමඟ නොයන්නේය; මක්නිසාද ඔහුගේ සහෝදරයා මෙළේය, ඉතිරිව සිටින්නේ මොහු පමණක්ය. ඉදින් නුඹලා යන මාර්ගයේදී ඔහුට අනතුරක් වුණොත් එයින් නුඹලා මාගේ පැසුණු කෙස් ශෝකයෙන් මිනීවළට පමුණුවන්නහුයයි කීය.

නුඹලා මොහුත් මා කෙරෙන් ගෙන ගොස් ඔහුට නපුරක් පැමුණුණොත්, නුඹලා මාගේ පැසුණු හිසකේ ශෝකයෙන් සොහොනට පමුණුවනවා ඇතැයි කීය.

ළමයා අප සමඟ නැති බව දක්නා විට ඔහු මියයන්නේය. මෙසේ ඔබගේ මෙහෙකරුවෝ ඔබගේ මෙහෙකරුවූ අපේ පියාගේ පැසුණු හිසකේ ශෝකයෙන් සොහොනට පමුණුවන්නෝය.

නුඹේ පියාටත් වඩා මහලුවූ හිස පැසුණු අයද ඉතා වයස්ගතවූවෝද අප අතරේ සිටිති.

මාගේ ගෙය කොට ෂෙයෝල ගැන බලා සිටිමි, අන්ධකාරයෙහි මාගේ යහන අතුළෙමි.

මක්නිසාද ඔබ මරණයටත් ජීවත්ව සිටින සියල්ලන්ට නියමවූ ගෙටත් මා පමුණුවන බව දනිමි.

දෙවියන්වහන්ස, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශකරන තෙක්, මහලුව හිස පැසුණු කල්හි පවා මා අත්නෑරිය මැනව.

පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක්ය, එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බවෙයි;

තරුණයන්ගේ පාරට්ටුව ඔවුන්ගේ ශක්තියය; වෘද්ධයන්ගේ අලංකාරය නම් පැසුණු හිසය.

කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.

මහලු වයස දක්වාත් මම එසේමය, හිස පැසීම දක්වාත් මම නුඹලා උසුලන්නෙමි. මම සෑදීමි, මමම නුඹලා දරාගෙන මමම උසුලාගන ගළවන්නෙමි.

තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ: යෙරෙමියා නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඇසීය. මමද: කොට්ටම්බා අත්තක් මට පෙනේයයි කීමි.

ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් දැනනොගත් ජාතීන් අතරට ඔවුන් විසුරුවා, මම ඔවුන් නැතිකරන තුරු කඩුව ඔවුන් පසුපස්සේ හරින්නෙමි.

පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටින්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරන්න. නුඹේ දෙවියන්වහන්සේට භයවෙන්න; මම ස්වාමීන්වහන්සේය.

තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්