සත්දෙනෙකුට වුණත් අට දෙනෙකුට වුණත් කොටසක් දෙන්න; මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධවේද කියා නුඹ නොදන්නෙහිය.
එවිට ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේ ස්වාමීන්වහන්සේට ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.
ඒ නිසා පවුරු නැති නුවරවල වාසයකරන පිටිසර යුදෙව්වරු අදාර් මාසයේ දහහතරවෙනි දවස ප්‍රීතිමත්වූ, සන්තෝෂ සහිතවූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ මංගල්‍ය දවසක් කරගනිති.
ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.
විපත්ති හයකින් උන්වහන්සේ නුඹ ගළවනසේක; එසේය, හතකිනුත් නුඹට අනතුරක් නොවන්නේය.
ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය.
දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.
ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ:
වලාකුල් පිරී තිබෙන විට වැස්ස පොළොවට වැගිරෙන්නේය. ගසක් දකුණට හෝ උතුරට හෝ වැටුණොත් ඒක වැටෙන තැනම තිබෙයි.
එසේය, මනුෂ්‍යයෙක් බොහෝ අවුරුදු ජීවත්ව සිටියොත් ඔහු ඒ සියල්ලෙහි ප්‍රීතිවේවා; එහෙත් ඔහු අඳුරු දවස් සිහිකෙරේවා, මක්නිසාද ඒවා බොහෝ වන්නේය. පැමිණෙන සියල්ලම නිෂ්ඵලකමක්ය.
තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය.
එබැවින්, රජ්ජුරුවෙනි, මාගේ දැනමුතුකමට ප්‍රසන්නවී, ධර්මිෂ්ඨකම්කිරීමෙන් ඔබගේ පාපද දිළිඳුන්ට කරුණාකිරීමෙන් ඔබගේ අපරාධද පහකළ මැනව; එසේ කිරීමෙන් සමහරවිට ඔබගේ සමාදානය පවතින්ට පුළුවනැයි කීවේය.
මේ මනුෂ්‍යයා අපේ සමාදානය වන්නේය. අෂූරියයා අපේ දේශයට එන කලත් අපේ මාළිගාවලට ඇතුල්වන කලත් අපි ඔහුට විරුද්ධව එඬේරුන් සත්දෙනෙකුත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් අටදෙනෙකුත් නැගුටුවන්නෙමුව.
යේසුස්වහන්සේ ඔහුට කථාකොට: සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි කියමි.
නුඹෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න.
ඔහු දවසකට සත්වරක් නුඹට විරුද්ධව පව්කොට, සත්වරක් නුඹ වෙතට හැරී: මම පසුතැවිලිවෙමියි කීවොත්, ඔහුට කමාවෙන්නැයි කීසේක.
සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගන්න. නුඹත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගන්න.
දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.
නුඹලාත් බැඳී සිටින්නාක්මෙන් බැඳුම්වල සිටින්නන්ද, නුඹලාත් ශරීරයෙහි සිටින බැවින් දුක්විඳින්නන්ද සිහිකරන්න.
නුඹේ වැඩකාරයන් ගෙන් ඇසුවොත් ඔවුන් නුඹට කියනවා ඇත. ඒ නිසා යෞවනයන්ට නුඹේ ඇස් හමුවෙහි කරුණාව ලැබේවා; මක්නිසාද අපි හොඳ දවසකදී ආවෙමුව. නුඹේ මෙහෙකරුවන්ටත් නුඹේ පුත්‍රවූ දාවිත්ටත් නුඹට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමියි කියන්නැයි කීවේය.